එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම ලකුණු 98කට සීමා කිරිමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී වනිඳු හසරංග පන්දුවාර 7.2කදී ලකුණු 13කට කඩුලු පහක් දවා ගත් අතර ළහිරු කුමාර පන්දුවාර 8කදී ලකුණු 22ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ ආයන් ඛාන් ලකුණු 41ක් රැස් කළේය.
ලකුණු 99ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී කිසිවෙක් නොදැවී ලකුණු 100ක් රැස්කරමින් තරගය ජය ගත්තේය. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් හා පැතුම් නිශ්සංක නොදැවී ලකුණු 37ක් රැස් කළේය.
තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංග හිමිකරගත්තේය. මේ අනුව බී කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
